Search

ශ්‍රී ලංකාවට අද දිනයේ තවත් ලෝකඩ පදක්කමක්

26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 X 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව දිනා ගෙන තිබෙනවා.

මේ අතර මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවුණා.

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා.

අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙහි තරඟ ඉසව් රැසක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 ක් ඉදිරිපත්ව සිටිනවා.

එහි මීටර් 100 ඉසව්වේ දෙවන මූලික තරගයට එක්වූ ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ තරගය තත්පර 10 .4 කින් එහි පළමුවැන්නා ලෙස තරගය අවසන් කළා.

ඒ අනුව ඔහු මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට එක්වූ කාලිංග කුමාරගේ තරගය තත්පර 46.59 කින් නිමා කරමින් එහි දෙවැන්නා බවට පත්වුණා.

ඒ අනුව කාලිංග කුමාර මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »