
Services Australia විසින් ඉදිරියේදී Parental Leave Pay යටතේ ඔබට ලබා ගත හැකි දින ගණන වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඔබේ දරුවා පසුගිය වසරේ ජූලි 1 වන දිනට පසුව උපත ලැබුවේ නම්, මේ වන විට Centrelink ගෙවීමෙන් දින 110 ක් හෝ සති 22 ක් ලබා ගැනීමට හැකිවුනා.
නමුත් මෙම වසරේ ජූලි 1 වනදා සිට, එම උපරිම සීමාව තවත් සති දෙකකින් වැඩිවී නිවාඩු දින ගණන 120 දක්වා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් එම අමතර මුදල් ලබා ගැනීම සඳහා, ඔබේ දරුවා නව මූල්‍ය වර්ෂයේ උපත ලැබූ හෝ හදා වඩා ගත් බව ඔප්පු කිරීමට ඔබට සිදුවනවා.
ඔබේ දරුවා ඔබේ රැකවරණයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන දිනට මාස තුනකට පෙර සිට ඔබට හිමිකම් පෙන්වීමට සිදුවන බවද Services Australia සදහන් කලා.

ඔබ ජූලි මාසයට පෙර තොරතුරු ලබාදෙන්නේ නම් දෙමාපිය නිවාඩු වැටුප් ශේෂය දින 110ක් පමණක් වනවා.