Search

Reward ලබාගැනීමට ඕනෑවට වඩා වියදම් කරන ඔස්ට්‍රේලියානුවන්

Reward points ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් ඕනෑවට වඩා වියදම් කරන බවට පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

නොමිලේ ගුවන් ගමන් සහ Cashback වැනි ආකර්ෂණීය ප්‍රචාරණ උපාය මාර්ග හේතුවෙනුයි මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් Reward points  සඳහා  පෙළඹී ඇත්තේ.

Finder වෙබ් අඩවිය මගින් කරන ලද නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් Reward points ලබා ගැනීම සඳහා වැඩිපුර ගෙවීමක් හෝ ණයට ලබාගැනීම් සිදු කරන බවයි.

ක්‍රෙඩිට් කාඩ් හිමියන් 452 දෙනෙකු සමග කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ Bonus points ලබාගැනීමට අවම වියදම් අවශ්‍යතා සපුරාලීමට ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ගැනීම් සිදුකරන බවයි.

එම වියදම් සම්පූර්ණ කිරීම සඳහා සියයට 11 ක් ණය වී ඇති බව සහ හය දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ වෙනදාට වඩා වියදම් කිරීමට සිදු වූ බවත් පර්යේෂණයෙන් හෙළිවී තිබෙනවා.

Rewards points ලබා ගැනීම සඳහා මිලියන 2.6 ක ජනතාවක් වැඩිපුර ගෙවා හෝ ණයට වැටී ඇති බව වාර්තාවේ සඳහන්.

Finder rewards points හි විශේෂඥ Angus Kidman පැවසුවේ Rewards programs මගින් ආකර්ෂණීය වරප්‍රසාද ලබා දෙන නමුත් ඔබට දැරිය හැකි ප්‍රමාණයට වඩා ක්‍රෙඩිට් කාඩ් මගින් වියදම් කළහොත් මුදල් ඉතිරි කිරීමක් නොකරම මුදල් අහිමිවීමක් සිදුවනු ඇති බවයි.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »