Search

වික්ටෝරියාවේ බස් මගීන් අතරමං වෙයි

 

 

වික්ටෝරියාවේ බස් රියදුරන්ගේ වර්ජනයක් හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වී ඇති බව වාර්තා වනවා.

ප්‍රවාහන සේවක සංගමය (TWU) විසින් මෙහෙයවන මෙම වර්ජනයට ප්‍රාන්තයේ විශාලතම බස් සමාගම් දෙකක් වන Dysons Group සහ CDC Victoria හි රියදුරන් 800 කට වැඩි පිරිසක් එක් වී සිටිනවා.

අලුයම 3 සිට පැය 24 ක් ක්‍රියාත්මක වර්ජනයෙන් වික්ටෝරියානු බස් සේවාවලින් තුනෙන් එකක් පමණ අඩාල වී තිබෙනවා.

සාධාරණ වැටුප් සහ සේවා කොන්දේසි කිහිපයක් රියදුරන්ගේ ඉල්ලීම් වනවා.

වර්ජනය හේතුවෙන් Melbourne, Geelong, Ballarat සහ Mildua හරහා ගමන් කරන මගීන් අතරමං වී ඇති බවයි වාර්තා වන්නේ.

බස් සමාගම් දෙක සමඟ මාස කිහිපයක් පුරා පැවති සාකච්ඡා ඇණහිටීමෙන් පසුව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »