
වික්ටෝරියාවේ වෙරළබඩ නගරවලට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
අසාමාන්‍ය ලෙස ඉහළ යන වඩදිය බාදිය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ.
ගිප්ස්ලන්ඩ් හි [Gippsland] වැලි ගොඩ දැමීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර නිරිතදිග වික්ටෝරියාවේ කාර්ය මණ්ඩලය තත්ත්වය සදහා සූදානම්ව සිටිනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශය පෙන්වා දෙන්නේ ඉතා ඉහළ වඩදිය බාදිය සහ දැඩි සුළං ද ඇතිවිය හැකි බවයි.
දැඩි වෙරළබඩ සුළං සහ අඩු පීඩන පද්ධතිය මෙම තත්ත්වය ඇතිවීමට හේතු වනු ඇති බව BOM කාලගුණ විද්‍යාඥ බෙලින්ඩා හවුස් [Belinda House] පෙන්වා දෙනවා.

මෙහිදී සාමාන්‍ය සාගර මට්ටමින් 1.6 m ක් පමණ ඉහළට රළ පහරවල් ඇති විය හැකි බවටයි අනතුරු අගවා ඇත්තේ.
රාජ්‍ය හදිසි සේවය (SES) ද මෙම තත්ත්වයට මුහුණදීම සඳහා සූදානමින් සිටින අතර, ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශවල වැලි කොට්ට තැබීමට ද පියවර ගෙන තිබෙනවා.