
ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී පිළිකාවක් ඔස්ට්‍රේලියාවේ තරුණයින් අතර ඉහළ යමින් පවතිනවා.
බඩවැල් පිළිකා අනුපාතයේ සමස්ත අඩුවීමක් තිබියදීත්, වයස අවුරුදු 50 ට අඩු ඕස්ට්‍රේලියානුවන් අතර රෝගීන් වේගයෙන් ඉහළ යමින් පවතින බවයි පර්යේෂකයන් අනතුරු අඟවන්නේ.
මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ Colorectal Cancer Unit ප්‍රධානී මහාචාර්ය මාර්ක් ජෙන්කින්ස් මෙම ප්‍රවණතාවය අධ්‍යයනය කරමින් සිටිනවා.

පසුගිය වසර 30 තුළ, වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් 28,000 කට වැඩි පිරිසකට බඩවැල් පිළිකා ඇති බව හඳුනාගෙන ඇති බවයි ඔහු පැවසුවේ.
ඕස්ට්‍රේලියාවේ පමණක්, පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ මෙම ප්‍රවණතාවය බඩවැල් පිළිකා සඳහා අමතර රෝග විනිශ්චයන් 4,300 කට හේතු වී ඇති බවයි.

බඩවැල් පිළිකාව මහා බඩවැලේ හෝ ගුද මාර්ගයේ ශ්ලේෂ්මල පටලයේ වර්ධනය වන අතර, බොහෝ විට මුලදී පැහැදිලි රෝග ලක්ෂණ දක්නට ලැබෙන්නේ නැහැ.
එසේම රෝගය මුලදී අනාවරණය නොකළහොත් වේගයෙන් පැතිර යා හැකි වනවා.
මෙයට හේතූන් ලෙස තරබාරුකම වැඩිවීම, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, ඇස්පිරින් වැනි ආරක්ෂිත ඖෂධ භාවිතය අඩුවීම සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලට පවා නිරාවරණය වීම ඇතුළු විවිධ න්‍යායන් ඉදිරිපත්කර තිබෙනවා.