
යුරෝපය පුරා වැඩිම දරුවන් පිළිසිඳ ගැනීම් සිදුකළ ශුක්‍රානු පරිත්‍යාගශීලියෙකු පිළිබඳ ප්‍රංශයෙන් වාර්තා වනවා.
ඔහු පිළිකාවට සම්බන්ධ දුර්ලභ ජාන විකෘතියක් ඇති පුද්ගලයෙකු බවටයි පසුව අනාරවණය වී ඇත්තේ.
ඒ හේතුවෙන් තනි පරිත්‍යාගශීලියෙකුගෙන් අවසර දී ඇති උපත් සංඛ්‍යාව පිළිබඳ වැඩි නියාමනයක් පැනවීමට කාලය එළැඹ ඇති බව වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.

2008 සහ 2015 අතර උපත ලැබූ පවුල් 46 කින් අවම වශයෙන් දරුවන් 67 ක් පිළිසිඳ ගැනීම සඳහා පරිත්‍යාගශීලියාගෙන් ලබාගත් ශුක්‍රාණු භාවිතා කරන ලද බව ප්‍රංශයේ රූවන් විශ්ව විද්‍යාල රෝහලේ ජීව විද්‍යාඥ එඩ්විජ් කැස්පර් තහවුරු කළා.
ඒ සෙනසුරාදා මිලාන්හි පැවති යුරෝපීය මානව ජාන විද්‍යා සංගමයේ වාර්ෂික සමුළුවේදීයි.

එහිදී අනාවරණය වී ඇත්තේ ප්‍රංශ පරිත්‍යාගශීලියාගෙන් උපන් දරුවන් දස දෙනෙකු දැනටමත් පිළිකා රෝගයෙන් පෙළෙන බවයි.
නිරෝගී ලෙස පෙනුනු මෙම පරිත්‍යාගශීලියාට TP53 නම් ජානයේ දුර්ලභ විකෘතියක් ඇති බවට හඳුනාගැණුනා.
පරිත්‍යාගය සිදු කරන විට විකෘතිය දැන සිටියේ නැහැ.
මේ වනවිට මෙම පරිත්‍යාගශීලියාගෙන් උපත ලැබූ දරුවන් බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය, කැස්පර් රටවල්වල ජීවත්වනවා.
ඔවුන්ගෙන් දස දෙනෙකුට මොළයේ පිළිකා සහ හොඩ්ග්කින් ලිම්ෆෝමා වැනි පිළිකා ඇති බව හඳුනාගෙන තිබෙනවා.
මෙම මිනිසා ශුක්‍රාණු පරිත්‍යාග කර ඇත්තේ ඩෙන්මාර්කයේ යුරෝපීය ශුක්‍රාණු බැංකුව ලෙස නම් කරන ලද තනි පෞද්ගලික ශුක්‍රාණු බැංකුවකට පමණයි.
යුරෝපීය ශුක්‍රාණු බැංකුවේ ආයතනික සන්නිවේදන උප සභාපති ulie Paulli Budtz, CNN වෙත පවසා ඇත්තේ පුද්ගලයෙකුගේ ජාන සංචිතයේ රෝග ඇති කරන විකෘති හඳුනා ගැනීම විද්‍යාත්මකව කළ නොහැකි බවයි.
තනි පරිත්‍යාගශීලියෙකු භාවිතයෙන් උපත ලැබීමට අවසර දී ඇති දරුවන්ගේ සංඛ්‍යාවට අදාල රෙගුලාසි රටින් රටට වෙනස් වනු ලැබෙනවා.
ප්‍රංශයේ එක් පරිත්‍යාගශීලියෙකුට උපත් 10 ක සීමාවක් ඇති අතර, ඩෙන්මාර්කය 12 ක් සහ ජර්මනිය 15 ක් දක්වා ඉඩ දෙන බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් යුරෝපය පුරා මෙවැනි නියාමනයක් නොමැතිකම ප්‍රධාන ගැටළුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.
පරිත්‍යාගශීලියෙකුගෙන් පිළිසිඳ ගන්නා දරුවන් සංඛ්‍යාව සඳහා ලොව පුරා සීමාවක් පැනවීමට යුරෝපීය මට්ටමින් නිසි නියාමනයක් අවශ්‍ය බව බලධාරීන් පෙන්වාදෙනවා.