
ට්‍රම්ප් පරිපාලනය නව student සහ exchange visitor වීසා ලබාදීම නවත්වන ලෙස නියෝග කර තිබෙනවා.
මෙය සිදුවන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විදේශීය සිසුන් සඳහා සමාජ මාධ්‍ය පරීක්ෂාව පුළුල් කිරීමට සූදානම් වන අවස්ථාවේදීයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළේ student සහ exchange visitor සඳහා නව වීසා හමුවීම් කාලසටහන්ගත කිරීම නවත්වන ලෙස කොන්සියුලර් අංශවලට උපදෙස් දුන් බවයි.

නමුත් දැනටමත් නියමිත හමුවීම් වත්මන් මාර්ගෝපදේශ යටතේ ඉදිරියට ගෙන යා හැකි වනවා.
මෙම පියවර ඇමරිකා පරිපාලනය විසින් සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම් වැඩි කිරීමට සහ Student වීසා අවලංගු කිරීමට දරන පුළුල් උත්සහයක් වනවා.

හාවඩ් සිසුන් සහ මහාචාර්යවරුන් ඇතුළු විරෝධතාකරුවන් සිය ගණනක් විදේශීය සිසුන්ට සහය දක්වමින් සහ විශ්වවිද්‍යාලයට අරමුදල් කපා හැරීමට පරිපාලනය දරන උත්සාහයන්ට එරෙහිව විරෝධතා දක්වා තිබුණා.
එහෙත් ඇමරිකා පරිපාලන පෙන්වාදෙන්නේ සංක්‍රමණික වීසා සහ වංචා වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවයි.
ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, පලස්තීනුවන්ට සහාය දැක්වීම හෝ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය වීසා සහ Green කාඩ්පත් හිමියන් පිටුවහල් කිරීමට සිදුවිය හැකි බවයි.
කෙසේවෙතත් විචාරකයින් කියාසිටියේ මෙවැනි ක්‍රියා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට තර්ජනයක් වන බවයි.