Search

දරුවන්ගේ එන්නත් ලබාගැනීම ඔස්ට්‍රේලියාවේ අඩු මට්ටමක

මෙම වසරේ උණ එන්නත් ලබාගැනීමට පැමිණි  ළමුන් සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියා සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

වැරදි තොරතුරු මෙන්ම එන්නත් කටු පිළිබඳ දරුවන් කෙරෙහි ඇති භය මීට හේතුවී ඇති බවටයි චෝදනා පවතින්නේ.

රට පුරා සමීක්ෂණය කරන ලද දෙමාපියන් 3200 න් මේ දක්වා තම දරුවන්ට එන්නත ලබා දීම සඳහා පැමිණ ඇත්තේ සියයට 17 ක් පමණයි.

මෙල්බන් රාජකීය ළමා රෝහල විසින් මෙම මත විමසුම පවත්වනු ලැබුවා.

එහිදී අනාවරණය වී ඇත්තේ දෙමාපියන් සියයට 39 ක් තම දරුවන්ට ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා දීම පිළිබඳව උනන්දු වී නොමැති බවයි.

44% ක් එන්නත් කිරීමට කැමැත්ත පෙන්නුම් කළද, එන්නත් ලබාගැනීමට පැමිණ නැහැ.

මේ වන විට, වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 16 ක් සහ පාසල් යන වයසේ ළමුන්ගෙන් සියයට 10 කටත් වඩා අඩු සංඛ්‍යාවක් එන්නත ලබාගෙන ඇති බව රාජකීය ළමා රෝහලේ වෛද්‍ය ඇන්ටියා රෝඩ්ස් පැවසුවා.

සමීක්ෂකයින් පෙන්වාදෙන්නේ මෙම flu vaccine එක දෙමාපියන් විසින් සලකනු ලබන්නේ සෙම්ප්‍රතිශ්‍යාවට දෙන එන්නතක් බැවින් අත්‍යවශ්‍ය දෙයක් නොවන බවයි.

උණ එන්නත ලබා ගැනීමට ප්‍රමාද වැඩියි යන්න දෙමාපියන් කියන තවත් වැරදි මතයක් වනවා.

මේ අතර වයස අවුරුදු පහට අඩු දරුවන්ට ඔවුන්ගේ පළාත් පාලන ආයතන හරහා නොමිලේ උණ එන්නත් ලබා ගත හැකි වනවා

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »