
උතුරු මෙල්බන් හි Northland Shopping Centre සිද්ධියට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.
පසුගිය ඉරිදා පස්වරුවේ සුපිරි වෙළඳ සංකීර්ණය තුළ තරුණ කල්ලි 2 ක් අතර පිහි ඇනුම් සහ පහරදීම් සිදුවූ වුණා.
ඊට සම්බන්ධ තරුණයින් 7 දෙනාම මේ වනවිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ රාත්‍රියේ, තෝන්හිල් පාර්ක් හිදී අවසාන සැකකරු වන 18 හැවිරිදි තරුණයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන්කළා.
ඔහුට අනවසරයෙන් ඇතුළුවීම සහ ආයුධ සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විමර්ශනය අතරතුර පොලිසිය විසින් තියුණු ආයුධ තුනක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 15 ත් 21 ත් අතර පසුවන්නන්.