
New South Wales ප්‍රාන්තයට බලපෑ දැඩි ගංවතුර හේතුවෙන් නිවාස සහ ව්‍යාපාර ඇතුළු ස්ථාන 794 ක් පමණ ජීවත්වීමට නොහැකි ස්ථාන ලෙස නම් කර තිබෙනවා.
අගමැති Anthony Albanese කියා සිටියේ යළි නවීන කිරීම් කටයුතු සම්පුර්ණ වීමට මාස ගණනාවක් ගත විය හැකි බව සහ ජනතාවට උපකාර වීමට රජය මුදල් සහන ලබාදෙන බවයි.
ඒ අනුව පළාත් පාලන ප්‍රදේශ නවයක සුදුසුකම් ලත් වැඩිහිටියන් සඳහා ඩොලර් 1000ක් ,ළමුන් සඳහා ඩොලර් 400ක් ආපදා ප්‍රතිසාධන ගෙවීමක් ලෙස ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.

තවත් සහනයක් ලෙස, සති 13ක ආදායම් ආධාරයක්ද,ආපදා ප්‍රතිසාධන දීමනාවක් ද පළාත් පාලන බල ප්‍රදේශ 19 ක් සඳහා දීර්ඝ කර තිබෙනවා.
මෙවැනි අවස්ථාවකදී ජනතාවට ලියකියවිලි සහ පරිපාලන බාධක නොමැතිව මුදල් ලබාදිමට තම රජය කටයුතු බව අගමැති විසින් ප්‍රකාශකර සිටියා.
