Search

ගිණුම් සදහා අධික මුදල් අය කල මූල්‍ය ආයතනයකට නඩු

ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවකගේ විශ්‍රාම වැටුප් ගිණුම් වලට අධික ගාස්තු අය කළ බවට AMP මූල්‍ය සේවා ආයතනය චෝදනා ලබා තිබෙනවා.

2008 සිට 2020 දක්වා කාලයේදී සාමාජිකයින්ගෙන් අනිසි ලෙස පරිපාලන ගාස්තු අය කිරීම හේතුවෙන් Maurice Blackburn හී නීතිඥයින් විසින් Federal අධිකරණයේ ආයතනයට විරුද්ධව නඩු පවරනු ලැබුවා.

 

ආයතනය ලාභය පමණක් අරමුණු කරගෙන මෙම වංචනික ක්‍රියාවලිය සිදු කර ඇති බවයි නීතිඥයින් පවසා සිටියේ.

AMP ආයතනය තම වගකීම්වලට යටත්ව කටයුතු කළේ නම්, ගිණුම් හිමියන්ට අද තිබෙන තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක සිටීමට හැකි වනු ඇති බවයි Maurice Blackburn නීතිඥ Rebecca Gilsenan කියා සිටියේ.

මෙම නඩු විභාගය සති 7ක් පුරා පැවැත්වීමට නියමිත අතර මිලියන දෙකකට අධික ඔස්ට්‍රේලියානු විශ්‍රාමිකයන්ට අධිකරණය විසින් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »