Breaking: මෙල්බර්න් නගරයට නව කොවිඩ් සීමා – අද සවස 06 න් පසු 05 දෙනෙකුට වඩා රැස්වනු බෑ – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: මෙල්බර්න් නගරයට නව කොවිඩ් සීමා – අද සවස 06 න් පසු 05 දෙනෙකුට වඩා රැස්වනු බෑ

Breaking: මෙල්බර්න් නගරයට නව කොවිඩ් සීමා – අද සවස 06 න් පසු 05 දෙනෙකුට වඩා රැස්වනු බෑ

දින 86 කට පසු පැය 24 ක් තුළ 05 වන කොවිඩ් ආසාධිතයාත් වාර්තාවීමත් සමග මෙල්බර්න් නගරයට කොවිඩ් මර්දන සීමා පණවා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අගමැති James Merlino පැවසුවේ අද එනම් අගහරුවාදා පස්වරු 06 සිට ඒවා බලාත්මක වන බවයි.

මේ අනුව වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳිය යුතුයි. රැකියා ස්ථාන, සාප්පු සංකීර්ණ, පොදු ප්‍රවාහන සේවා ඇතුළු ඕනෑම ගෘහස්ථ ස්ථානයක මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය වේ.

දිනකට මෙල්බන් මෙට්‍රොපොලිටන් කලාපයේ ඇති නිවසකට පැමිණිය හැකි උපරිම පුද්ගලයින් ගණන 5 කි.

පොදු එළිමහන් රැස්වීම් 30 දෙනෙකුට සීමා වේ.

මෙල්බර්න් වාසීන්ට කලාපීය වික්‍ටෝරියා ප්‍රදේශ​ වෙත යාමට හැකියාව ඇත.

කෙසේ වෙතත්, ක්‍රියාත්මක වන සීමාවන් ඔවුන් සමඟ ගමන් කරනු ඇත, එයින් අදහස් කරන්නේ ඔවුන් මෙල්බන් මෙට්‍රොපොලිටන් කලාපයේ දැනට පනවා ඇති කොරෝනා නීති වලට අනුකූල විය යුතුය.

සේවා ස්ථාන, තැබෑරුම්, සාප්පු සහ රූපලාවන්‍යාගාර සඳහා සහභාගී වීමට හැකි පුද්ගල සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැති එම ස්ථානයන් තුලද මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය වේ.

මංගල උත්සව ශාලාවකට රැස්විය හැකි උපරිම ගණන 200ක් වුවද සහභාගී වන්නන් මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය වේ.

සියලුම පාසැල් සහ පෙර පාසැල් විවෘතව පවතින අතර​ පාසල් වල ජ්‍යෙෂ්ඨ සිසුන්,  ගුරුවරුන් සඳහා මුව ආවරණ නීතිය පැනවේ.

වැඩි විස්තර​: https://www.coronavirus.vic.gov.au/coronavirus-covidsafe-settings?fbclid=IwAR1ePrhTL_dM4_sCMKo2xiiwyZHuoHBO4Zv0DjcmwGKKBFxQVhMQIaF7-HA