Search

මෙල්බන් ප්‍රධාන මාර්ගයක අනතුරකින් වාහන ධාවනයට බාධා

 

 

මෙල්බර්න් ප්‍රධාන මාර්ගයක සිදුවු අනතුරකින් විදුලි කණුවක් කඩා වැටී වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දෙදෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

[Oakleigh] ඕක්ලී හි [Dandenong] ඩැන්ඩෙනොං මාර්ගයේදී බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් විදුලි කණුවක් කඩා වැටී නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටී තිබෙනවා.

ඉන් බස් රථයේ රියදුරු සහ මගියෙකු සුළු තුවාල ලැබු අතර ට්‍රක් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අනතුර සිදුවන අවස්ථාවේ නවතා තිබූ මෝටර් රථ දෙක තුළ කිසිවෙකු සිටියේ නැහැ.

නගරයෙන් ඉවතට ගමන් කරන මෝටර් රථ හිමියන්ට ඩැන්ඩෙනොං පාර [Dandenong]  සහ [Princes] ප්‍රින්සස් අධිවේගී මාර්ගය මඟ හැරීමටයි උපදෙස් දී ඇත්තේ.

මේ අතර වොරිගල් පාර [Warrigal ]සහ [Atkinson Street ]ඇට්කින්සන් වීදිය අතර සියලුම පිටතට යන මංතීරු වසා දමා තිබෙනවා.

රියදුරන් ඒ වෙනුවට මොනෑෂ් නිදහස් මාර්ගය [Monash Freeway] හෝ උතුරු මාර්ගය [North Road] භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

විදුලිබල අලුත්වැඩියාවන් සහ පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු වසා දැමු මාර්ගය නැවත විවෘත කිරීමට නියමිතයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »