
ඔස්ට්‍රේලියාවේ ලාබාලතම සෙනෙට් සභිකයා ලෙස Charlotte Walker පත්වී තිබෙනවා.
ලේබර් පක්ෂය නියෝජනය කරන 21 හැවිරිදි ඇය 6වැනි සෙනට් අසුන දිනා ගැනීමට සමත් වී ඇති අතර මැතිවරණ රාත්‍රියේ තම උපන් දිනයද සැමරූ බවයි වාර්තා වන්නේ.
තම පක්ෂයට වෙනස් ඉදිරි දර්ශනයක් ගෙන ඒමට සහ විශාල පීඩනයක් මධ්‍යයේ වුවද තරුණයින්ට, කාන්තාවන්ට සමාන මාවතක් සකස් කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ඇය කියා සිටියා.

2022 වසරේ තම උපාධිය ලබාගත් ඇයට දේශපාලනයට පිවිසීමට ඇගේ පවුලේ අයද විශාල සහායක් දුන් බව ඇය පැවසුවා.
ජූලි 1 වන දින සිට තනතුර භාර ගැනීමට නියමිතව සිටින අතර ඇගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා සෙනෙට් පාසලට ඇතුලත් වීමට සැලසුම් කර තිබෙනවා.
