
Oxford විශ්වවිද්‍යාලයේ ආචාර්ය Isabel Hansen සිදුකල අධ්‍යයනකින් හෙළි වී තිබෙන්නේ ළමුන් සහ තරුණයන්ගේ ආහාර රටාවට සමාජ මාධ්‍යයේ ඇති වෙළද දැන්වීම් විශාල බලපෑමක් එල්ල කරන බවයි.
බොහෝ දරුවන් Facebook,Instagram,YouTube,TikTok වැනි සමාජ මාධ්‍ය තුළ දිගින් දිගටම දක්නට ලැබෙන දැන්වීම් මගින් ඔවුන්ගේ ආහාර රටාව වෙනස් කරගන්නා බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ 13-17 හැවිරිදි ළමුන්ට සමාජ මාධ්‍යය ඔස්සේ පැයකට දැන්වීම් 17 ක් පෙනෙන අතර සතියකට මෙය දැන්වීම් 170කටත් වඩා අධික වනවා.

මේ නිසා බොහෝ දරුවන් උදෑසන ආහාරය මග හරින අතර සිනී ,තෙල් සහ ලුනු අධික ආහාර වැඩියෙන් පරිභෝජනයට නැබුරු වී තිබෙනවා.
මෙම දැන්වීම් වර්ණවත්, විනෝදජනක සහ ජනප්‍රිය පුද්ගලයන් හා සම්බන්ධ වන බැවින් දරුවන් මේවාට පහසුවෙන් ගොදුරු වන බවයි ඔවුන් පවසන්නේ.

ළමුන් 223,000කගේ දත්ත අධ්‍යයනය කිරීමේදී හෙළි වී ඇත්තේ බොහෝ දරුවන් පෝෂණය සපිරි ආහාර වේලක් නොගන්නා බවත් සමාජ මාධ්‍ය භාවිතය බොහෝ විට සිහිකල්පනාවෙන් තොරව ආහාර ගැනීමට ඔවුන් පොළබවන බවත්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ මෙම ගැටලුව පිලිබඳ අධ්‍යනය කිරීමට සහ විසදුම් සොයා ගැනීමට University of Wollongong සදහා $500,000 මුදලක් ලබා දී ඇති බවත් එය මෙම වසර අවසානයේ අවසන් වීමට නියමිතව තිබෙන බවත් ලෙසයි.