Search

ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමට බලපෑ පොදු හේතු

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් සඳහා පොදු හේතු හයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබෙනවා.

ශිෂ්‍ය වීසා සඳහා වන ජ්‍යෙෂ්ඨ සංක්‍රමණ නිලධාරිනි කැතරින් ට්‍රැන්ටර් පැවසුවේ අසම්පූර්ණ ලියකියවිලි, අමතර තොරතුරු සඳහා වන ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීම, lack of genuine study intent පොදු හේතු අතර වන බවයි.

තවද ලේඛන වංචාව, ප්‍රමාණවත් ඉංග්‍රීසි ප්‍රවීණතාවයක් නොමැතිකම සහ උපකාරක පන්ති සහ ජීවන වියදම් සඳහා මූල්‍ය ආධාර පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම වීසා ප්‍රතික්ෂේපවීමට ශිෂ්‍යයින්ට බලපාන අනෙක් හේතු අතර වනවා.
(incomplete documentation, failure to respond to requests for additional information, lack of genuine study intent, document fraud, inadequate English proficiency, and insufficient proof of financial support for tuition and living expenses.)

2024 ජූලි සිට 2025 පළමු කාර්තුව දක්වා ඕස්ට්‍රේලියාව වෘත්තීය ශිෂ්‍ය වීසා 6,800 කට වඩා ප්‍රදානය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලය තුළ නිකුත් කරන ලද 14,737 ට වඩා 54.7% කින් අඩු වීමක්.

කෙසේ වෙතත්, වෘත්තීය වීසා සඳහා ජාතික අනුමත අනුපාතය වාර්තාගත ලෙස 73% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නමුත් සංක්‍රමණ මට්ටම් කළමනාකරණය කිරීමේ උත්සාහයක් ලෙස පසුගිය වසර දෙක තුළ ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති දැඩිකරනු ලැබුවා.

විශ්ව විද්‍යාල ඔවුන්ගේ ශිෂ්‍ය බඳවා ගැනීමේ අවදානම් මට්ටම් මත පදනම්ව ස්ථර තුනකට වර්ගීකරණය කරන ලද අතර, ස්ථර 2 සහ 3 ආයතන සඳහා වීසා සැකසුම් කාලය ස්ථර 1 ට වඩා මන්දගාමී වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

වෘත්තීය අධ්‍යාපන සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා ලකුණු 0.5 කින් IELTS ලකුණු 6.0 දක්වා ඉහළ නංවන ලද අතර, නව සීමාව ජාත්‍යන්තර සිසුන් සඳහා අර්ධකාලීන වැඩ සතියකට පැය 24 දක්වා සීමා කෙරුණා.

ඊට අමතරව, financial proof requirements AU$29,710 (US$19,820) දක්වා වැඩි වූ අතර එය 20% ක වැඩිවීමක් වී තිබෙනවා.

ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව AU$710 සිට AU$1,600 දක්වා දෙගුණ වූ අතර එය ගෝලීය වශයෙන් වඩාත්ම මිල අධික වීසා අයදුම්පත් ගාස්තු වලින් එකක් බවටයි නම් කෙරුණේ.

2024 අග භාගය වන විට, ඕස්ට්‍රේලියාව විශ්ව විද්‍යාල, වෘත්තීය ආයතන, ද්විතීයික පාසල්, ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සහ උපාධි නොවන පාඨමාලා ඇතුළු විවිධ අධ්‍යාපන අංශ හරහා ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය ලබා දී තිබෙනවා.

2024 දී ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ජාත්‍යන්තර අධ්‍යාපනය ඩොලර් බිලියන 51 ක දායකත්වයක් ලබා දුන් අතර එය රටේ ඉහළම අපනයන අංශ පහෙන් එකක් බවටයි පත්ව ඇත්තේ.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »