Search

නිව් සවුත්වේල්ස් ප්‍රචන්ඩත්වය මැඩලීමට පොලිස් කණ්ඩායම් 13 ක්

නිව් සවුත්වේල්ස් හි ප්‍රචණ්ඩත්වය මැඩලීමට පොලීසිය දැඩි මෙහෙයුමක් සිදුකරමින් පවතිනවා.

වීදිවල හැසිරෙන සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීමට පොලිස් කණ්ඩායම් 13 කගේ සහය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉරිදා සවස Alameddine කණ්ඩායමේ සාමාජික Samimjan Azari ප්‍රසිද්ධියේ ඝාතනය කිරීමට තැත් කිරීමෙන් සිදුවූ වෙඩිතැබීමකින් දෙදෙනෙකු තුවාල ලැබීමෙන් අනතුරව පොලීසිය මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

මෙම ප්‍රධාන කාර්ය සාධක බලකාය නම්කර ඇත්තේ ෆැල්කන් ලෙසයි.

අධිකාරී ජේසන් බොක්ස්ගේ නායකත්වයෙන් යුත් ෆැල්කන් බලකායට, රහස් පරීක්ෂකයින් 100 දෙනෙකු ඇතුළුව කාර්ය මණ්ඩලය 150 දෙනෙකු ඇතුලත් වනවා.

මේ මොහොතේ සංවිධානාත්මක අපරාධ ජාල තුළ ගැටුමක් පවතින අතර එය මත්ද්‍රව්‍ය සැපයුම් කටයුතුවලට සම්බන්ධ යැයි විශ්වාස කරන බවයි පොලිස් නියෝජ්‍ය කොමසාරිස් ඩේවිඩ් හඩ්සන් අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »