Search

දකුණු ඔස්ට්‍රේලියාවට මේ වසරේ බලපෑ දරුණුතම කාලගුණය

මේ වසරේ මේ දක්වා දකුණු ඕස්ට්‍රේලියාවේ ඇති වූ දරුණුතම කාලගුණික තත්ත්වය ඊයේ ප්‍රාන්ත වෙරළ තීරයට බලපෑවා.

දූවිලි කුණාටුවක් හේතුවෙන්  ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ අඳුරට ඇද වැටුණු අතර ඇඩිලේඩ් හි ග්‍රේන්ජ් හි විදුලි රැහැන් කැඩී ගිය බවද වාර්තා වනවා.

දූවිලි කුණාටු Sturt අධිවේගී මාර්ගය ඇතුළු ග්‍රාමීය මාර්ග රැසක  භයානක තත්ත්වයන් ඇති කර තිබුණා.

කුණාටුව හේතුවෙන් රිය අනතුරු මෙන්ම ඇතැම් මාර්ග වසා දැමීමට පොලීසියට සිදුවුණා.

දකුණු ඔස්ට්‍රේලියා පොලීසිය පසුව රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ හෙඩ්ලයිට් දල්වා ධාවනයේ යෙදෙන ලෙසයි.

මෙම කාලගුණ විපර්යාසය නියගයෙන් පීඩාවිඳින ගොවීන්ට තවත් පහරක් වූ බවයි ඔවුන් මැසිවිලි නගන්නේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය පැයට කිලෝමීටර 90 ට වැඩි අනතුරුදායක සුළං පුරෝකථනය කළ අතර එය දකුණු ඕස්ට්‍රේලියාව, වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් හිම කඳු සහ ACT හි ඇතැම් ප්‍රදේශවලටද හානි දායක වනු ඇති බවයි අනතුරු ඇඟවූයේ.

කෙසේවෙතත් දූවිලි කුණාටුව අද දිනයේ සිඩ්නි කැන්බරා සහ ACT සහ NSW හි ප්‍රදේශ කිහිපයකට යම් තරමක් බලපානු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »