Search

වැටුණු AirPod එක ඇහිලීමේදී ජර්මනියේ දුම්රියක සිරවු මගියා

තම වැටුණු AirPod එක ගැනීමට ගිය මගියෙකු train armrest යට සිරවී ගලවා ගැනීමේ පුවතක් ජර්මනියෙන් වාර්තා වනවා.

මගියෙකු සිරවී සිටින බවට වාර්තාවීමෙන් පසු පසුගිය සිකුරාදා සවස ජර්මනියේ Lehrte දුම්රිය ස්ථානයට හදිසි සේවා කැඳවා තිබුණා.

ඒ වනවිට පුද්ගලයාගේ එක් අතක් ඉදිමීම හේතුවෙන් ඔහුව බේරාගැනීම සංකීර්ණ වූ බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

ඔහුව බේරාගැනීමට දුම්රියේ ගමන් මලු රාක්කයක් සහ ආසන ඉවත්කිරීමට ද සිදුවී තිබෙනවා.

පසුව හයිඩ්‍රොලික් උපකරණ භාවිත කර පැය එකහමාරක ප්‍රයත්නයකින් පසුව මගියා බේරාගත් බවයි ජර්මන් මාධ්‍ය වාර්තා පවසන්නේ.

තුවාලකරුවා සහ ඔහුගේ AirPods සමග හදිසි සේවා වෙත භාරදුන් බව මෙහෙයුම් නිළධාරීන් සඳහන් කර තිබෙනවා.

මෙයෙුම සඳහා ගිනි නිවන භටයින් 11 දෙනෙකු සහ වාහන දෙකක් භාවිතා කළ බව ගිනි නිවන දෙපාර්තමේන්තුව කියාසිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »