
නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට ලෝකයේ හොඳම ස්ථානවලින් එකක් බවට ඕස්ට්‍රේලියාව පවත්වී තිබෙනවා.
ඒ අනූව Bounce සංචාරක විශේෂඥයින් විසින් සංචාරකයින් සදහා ඕස්ට්‍රේලියානු නගර 10 ලැයිස්තුවක් සම්පාදනය කර ඇති බවයි වාර්තා වුනේ.
ධාවන ඉසව්, බයිසිකල් පැදීමේ මාර්ග, කඳු නැගීම, ඉවුම් පිහුම් පන්ති සහ සාප්පු සවාරි වැනි සාධක මත පදනම්ව මෙම ලැයිස්තුව සකසා තිබෙනවා.

එම ලැයිස්තුව මෙසේයි ,
1. Gold Coast, Qld

සංචාරක ස්ථාන ලැයිස්තුවේ අංක එකේ ස්ථානයට පැමිණෙන්නේ ගෝල්ඩ් Gold Coast. උණුසුම් කාලගුණය/ සුවපහසු එළිමහන් ඇතුළු වාර්ෂික මැරතන් ධාවන ඉසව් හේතුවෙන් මෙම ප්‍රදේශ විශේෂ ලෙස සලකනවා.
2. Canberra, ACT
කැන්බරා යනු බොහෝ දර්ශනීය මාර්ග සහ බයිසිකල් මංතීරු මෙන්ම bike clubs රාශියක් ඇති පාපැදි-හිතකාමී නගරයක්.
3. Cairns, Qld
මෙම ප්‍රදේශය මාර්ග 1000කට අධික සංඛ්‍යාවක් ඇති අතර, ඒ සියල්ල වැසි වනාන්තර සහ දිය ඇලි වල ඇදහිය නොහැකි දර්ශන වලින් වටවී තිබෙනවා.
4. Adelaide, SA
වෙරළ සහ කඳුකරය සමග සුන්දර වටපිටාවන් නිසා මෙහි ප්‍රදේශ විශේෂත්වයක් දරනු ලබනවා.
5. Melbourne, Vic
එළිමහන් විනෝදාංශ සමඟින්, සාප්පු සවාරි නම් මෙල්බන් නගරය විශේෂ ස්ථානයක්.
6. Fremantle, WA
පර්ත් නගරයට උතුරින් පිහිටි මෙම නගරයේ වෙරළ තීරයේ අපූරු පාපැදි මාර්ග පිහිටා තිබෙනවා. බවුන්ස් සඟරාවට අනුව, පාපැදි මාර්ග 570 ක් තිබෙන බවයි වාර්තා වන්නේ.
7. Sydney, NSW
සිඩ්නි නගරය කඳු නැගීමේ මංපෙත්, hiking trails, running clubs සහ rock climbing/bouldering routes වලින් මෙම ප්‍රදේශ සමන්විත වනවා.
8. Perth, WA
පර්ත්, ධාවකයන්ට විශේශ ස්ථානයක් ලෙස සැලකෙනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිම ධාවන ඉසව් සංඛ්‍යාවක් පැවැත්වෙන නගරය පර්ත් වීම විශේෂත්වයක්.
9. Wollongong, NSW
සිඩ්නි නගරයට දකුණින් පැයක් පමණ දුරින්, රාජකීය ජාතික වනෝද්‍යානයට සහ Mount Kembla ආසන්නව පිහිටා ඇති නිසා, Wollongong කඳු නැගීම සහ බයිසිකල් පැදීම සඳහා විශේෂ ලෙස සැලකෙනවා.
10. Busselton, WA
දකුණු අර්ධගෝලයේ දිගම දැව ගොඩගැසූ ජැටිය පිහිටා ඇති නිසා ඔබ Busselton ප්‍රසිද්ද වී තිබෙනවා.
විනෝදාංශ පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය සඳහා යා යුතු හොඳම ස්ථාන ලැයිස්තුවේ එය 10 වන ස්ථානයේ පසුවනවා.