
ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වෙමින් පවතින චිකුන්ගුණයා රෝගී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.
බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරකයින් මුහුණ දෙන “සෞඛ්‍ය අවදානමක්” ලෙසයි චිකුන්ගුන්යා නම් කර ඇත්තේ.
ඉන්දියානු සාගර කලාපයට සංචාරය කිරීමට සැලසුම් කරන පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගයට එරෙහිව පූර්වාරක්ෂාවන් සිදු කර ගන්නා ලෙස එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අගවා තිබෙන බවයි වාර්තා වුනේ.

සංචාරක නිවේදනයට අනුව, මොරිෂස්, මයෝට්, රියුනියන්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල චිකුන්ගුන්යා පැතිරීම් පවතිනවා.
චිකුන්ගුන්යා පැතිරීමක් ඇති ප්‍රදේශයකට යන සංචාරකයින් සඳහා එන්නත් කිරීම නිර්දේශ කර තිබෙනවා.

විශේෂයෙන් ඔවුන් දරු ප්‍රසූතියට ආසන්න කාන්තාවන් සිටී නම්, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙස ගර්භනී කාන්තාවන්ට උපදෙස් ලබා දී තිබෙනවා.