Search

බදු ගෙවන්නන් කරන පොදු වැරදි

බදු ගෙවන්නන් සිදුකරන විශාලතම හා පොදු වැරදිවලින් එකක් ඔස්ට්‍රේලියාවේ විශාලතම ගිණුම්කරණ ආයතනය වන CPA Australia අනාවරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ කලින් තම tax return ඉදිරිපත් කිරීමට ඉක්මන් වීම අවාසි සහගත බවයි.

නිදසුනක් ලෙස, පසුගිය වසරේ ATO සංඛ්‍යාලේඛනවලට අනුව, ජූලි 23 වන විට මිලියන තුනක් පමණ ජනතාවක් තම tax return ගොනු කර ඇති අතර, අගෝස්තු 20 වන විට එය මිලියන 5.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නමුත් CPA ඕස්ට්‍රේලියානු බදු ප්‍රධානී ජෙනී වොන්ග් බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියේ ජීවන වියදම් පීඩනය හේතුවෙන් ඇතමුන් tax return ලබාගැනීමට ඉක්මන්වීම වුවද එසේ නොකළ යුතු බවයි.

ඉක්මනින් ප්‍රතිලාභ ගොනු කළ පුද්ගලයින්ට පසුව ඒවා සංශෝධනය කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට දැන් පත්ව ඇති බව වොන්ග් පැවසුවා.

CPA බදු ප්‍රධානී පෙන්වාදෙන්නේ මේ වසරේ වියදම් පිළිබඳව සලකාබලා මේ වසරේ claims කළ යුතු දෑ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.

එමෙන්ම බදු ප්‍රතිලාභය සකස් කිරීමේදී AI උපදෙස් භාවිතා කිරීම නොකළ යුතු බවයි ඇය තරයේ කියාසිටියේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »