ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් යයි

මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගවලිය කල් දමා තිබේ.

2021 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේදී වන අතර 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලියද කොවිඩ් -19 හේතුවෙන් නොපැවැත් වුණි.

ඒ අනුව තරගාවලිය පැවැත්වීමට සුදුසු කාලයක් මේ වසරේදී නොමැතිවීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය 2023 වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කළ ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ඉදිරියේදී තරගාවලියන් පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවය.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »