
වර්තමාන වෙළෙඳපොලේ ඉල්ලුම සහ දිගු කාලීන අනාවැකීන් පදනම් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Blair Chapman විසින් උසස් අධ්‍යාපන පාඨමාලාවන් පහක් පිලිබඳව අනාවරණය කර තිබෙනවා.
එම ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන්ට ඉක්මනින් පිවිසීමට හැකි පාඨමාලා ලෙස,
01.Third level Certificate in Carpentry or Plumbing
නිවාස සෑදීම සදහා පුහුණු වඩු කාර්මිකයන්ගේ සහ ජලනල කාර්මිකයන්ගේ ඉල්ලුම දිගු කාලීනව පවතින බැවින් මෙම පාඨමාලාව මගින් රැකියාවක් සොයාගැනීමට ඉතා පහසු වන බවයි පැවසෙන්නේ

02.Bachelor of Nursing or Third level Certificate in Individual Support
ඔස්ට්‍රේලියාව තුල සිටින වැඩිහිටියන්ගේ ගණන වැඩි වෙමින් තිබීම නිසා සෞඛ්‍ය සේවා සහ සත්කාර සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට රැකියාවන්ට ඉක්මනින් පිවිසීමට හැකියාව ලැබෙන බව ඔහු පවසා සිටියා.
03.Bachelor of Information Technology
අන්තර්ජාතික මට්ටමින් අනාගතයේදී සයිබර් ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ව්‍යාපාර වලට ඔවුන්ගේ පද්ධති සහ දත්ත සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාව වැඩි වීම නිසා මෙම ක්ෂේත්‍රයේද රැකියා අවස්ථා වලට ඇති ඉල්ලුම වැඩි වන බවයි පැවසෙන්නේ.

04.Bachelor of Psychology
ඔස්ට්‍රේලියානුවන් මානසික යහපැවැත්ම උදෙසා ප්‍රමුඛතාවයක් ලබාදෙන නිසා මානසික සෞඛ්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වන බැවින් මෙය අනාගතයේදී වටිනා සුදුසුකමක් ලෙසයි දක්වා තිබෙන්නේ.
05.Third level Certificate in Electrotechnology Electrician
ඔස්ට්‍රේලියාවේ සහ ලෝකයේ පුනර්ජනනීය සහ අනෙකුත් බලශක්ති වර්ග සදහා දක්වන උනන්දුව වැඩි වෙමින් තිබෙන නිසා විදුලි කාර්මිකයන්ට ප්‍රමුඛ ස්ථානයකක් ලැබෙන බව Blair Chapman පවසා සිටියා. බලශක්ති අංශයට පමණක් නොව ඉදිකිරීම් අංශයටද ඔවුන් අවශ්‍යතාව පවතින නිසා විදුලි කාර්මිකයන්ටද අනාගතයේ ඉහල ඉල්ලුමක් ලැබෙනු ඇති.