Search

ඉතිහාසයේම විශාලතම කෘෂිකාර්මික වගාවක් සදහා ඔස්ට්‍රේලියාවේ ගොවීන් සූදානම්

දැඩි නියඟයක් සහ විනාශකාරී ගංවතුරක් මධ්‍යයේ වුවද ඔස්ට්‍රේලියානු ගොවීන් එක්සත් රාජධානියේ ප්‍රමාණයට සමාන ප්‍රදේශයක කෘෂිකාර්මික බෝග වගා කිරීමට සූදානම් වෙමින් සිටිනවා.

මෙවර ශීත කාලය සදහා වූ වගාවන් සඳහා හෙක්ටයාර් මිලියන 24.5ක භූමි ප්‍රමාණයක් යොදා ගැනීමටයි ගොවීන් අපේක්ෂා කර තිබෙන්නේ.

Rabobank විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව තිරිඟු, බාර්ලි, කඩල සහ කැනෝලා යන බෝග වගා කිරීමට නියමිතයි.

වගා ආර්ථික විශ්ලේෂක Vitor Pistoia පැවසුවේ උතුරු ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාව නිසා මෙය වාර්තාගත වගාවක් වීමේ හැකියාව ඇති වුවද ඉදිරියේදී අත්‍යවශ්‍ය වර්ෂාව නොලැබුණහොත් අස්වැන්නේ වැඩිවීමක් සහතික කල නොහැකි බවයි.

2025–2026 අස්වැන්න ටොන් මිලියන 54 ක් පමණ වනු ඇතැයි Rabobank පුරෝකථනය කරන අතර එය පසුගිය වසරේ ටොන් මිලියන 60 ක් ලෙසයි වාර්තා වන්නේ.

ධාන්‍ය ආනයනය කිරීම සඳහා ආසියානු රටවල් ඔස්ට්‍රේලියාව මත විශ්වාසය තබන අතර ඒ සියලු අවශ්‍යතා ඉටු කිරීමට මෙවරත් ඔස්ට්‍රේලියාවට හැකි වන බව ගොවීන් සඳහන් කර සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »