Search

හිතුමතේ විටමින් ගැනීමෙන් ශරීරයට වෙන හානි

හිතුමතේට විටමින් වැනි ඖෂධ ගැනීම අනතුරුදායක බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි 33 හැවිරිදි ඩොමිනික් නූනන්-ඕ’කීෆ්, 2023 වසරේදී ශරීර සෞඛ්‍යයට හිතකර යැයි සිතා විටමින් ඩී, විටමින් සී සහ මැග්නීසියම් කැප්සියුල දිනපතා ගැනීම සිදුකර තිබෙනවා.

මැග්නීසියම් පෙතිවල නිර්දේශිත මාත්‍රාවට වඩා සැලකිය යුතු ලෙස විටමින් B6 මාත්‍රාව අඩංගු වූ බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුනක් ඇතුළත ඔහුට විවිධ රෝග ලක්ෂණ මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්කාරය, කරකැවිල්ල සහ ඇවිදීමේ අපහසුතා ඇති වීමට පටන් ගෙන තිබුණා.

මේ වනවිට ඔහුට ස්නායු රෝගයක්ද පවතිනවා.

අත් සහ පාදවල ස්නායු හානිවීම හේතුවෙන් හිරිවැටීම, සහ වේදනාව වැනි රෝග ලක්ෂණ පවතින බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.

විටමින් B6 යනු මොළයේ ක්‍රියාකාරිත්වය සහ හෝමෝන සමතුලිතතාවය වැනි ක්‍රියාකාරකම් රාශියකට වැදගත් වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන අතර අපගේ ආහාර වේලෙන් ප්‍රමාණවත් ප්‍රමාණයක් ඉන් ලැබෙනු ඇති.

මස්, කිරි නිෂ්පාදන සහ බිත්තර මෙන්ම නිවිති, කෙසෙල් සහ අර්තාපල් වලද විටමින් B6 දක්නට ලැබෙනවා.

එමෙන්ම බර අඩු කර ගැනීමේ ෂේක්ස්, ශක්තිජනක පාන වර්ග වල  ඉහළ මට්ටමේ B6 අඩංගු විය හැකි අතර එමඟින් ද මෙම ගැටළුව ඇති විය හැකි බවයි විද්‍යාඥවරියක් පවසා ඇත්තේ.

කෙසේවෙතත් විටමින් වර්ග ලබාගැනීමේදී වුවද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබාගන්නා ලෙස ඇය ජනතාවට දැනුම්දෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »