Search

ජපානය පසුකරමින් ලෝකයේ සිව් වැනි ආර්ථිකය ඉන්දියාවට

ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.

ඒ ජපානය අභිබවා යමින්.

ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය හෙවත් නිති ආයෝග් හී ප්‍රධාන විධායක නිළදාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් විසින් ඊයේ මේ බව ප්‍රකාශ කළා.

ඒ, නිති ආයෝග් හී 10 වන පාලක මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්.

ඉන්දියාව මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4  ඉක්මවූ ආර්ථිකයකට හිමිකම් කියන බවද ඔහු පැවසුවා.

IMF දත්ත මත පදනම්ව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉන්දියාව මේ වන විට ජපාන ආර්ථිකයට වඩා විශාල බවයි.

ඉන්දියාව වඩා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන්නේ අමෙරිකාවේ, චීනය සහ ජර්මනිය පමණක් බවද නිති ආයෝග් හී ප්‍රධාන විධායක නිලදාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, වර්තමාන සැලසුම් මත අඛණ්ඩව කටයුතු කළහොත්, ඉදිරි වසර දෙකහමාර හෝ තුන ඇතුළත ලොව විශාලතම ආර්ථිකයන් අතර තුන්වැනි ස්ථානයට පත්වීමට ඉන්දියාවට හැකිවනු ඇති බවයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »