
2024 එන්ගලන්ත රූ රැජින වන Milla Magee, මෙවර Miss World 2025 තරඟයෙන් ඉවත්වී තිබෙනවා.
ඇය පවසන්නේ තරඟය තුළ සදාචාරාත්මක ගැටළු මතුවූ බැවින් ඇය තරඟයෙන් ඉවත් වූ බවයි.
ඇය වසර 72 ක ඉතිහාසයේ මෙවැනි තරඟයක් මැදදී ඉවත් වූ පළමු තරඟකාරිනය වනවා.

ඇය පවසන්නේ තරඟකරුවන්ට රාත්‍රී උත්සවවලදී ධනවත් පුරුෂයන් ඇසුරු කිරීමට පොළඹවන බවයි.
24 හැවිරිදි Milla Magee මුලින් මැයි 16 වන දින ඇයගේ නික්මයාම “පෞද්ගලික හේතූන් මත” සිදු වූවක් බවයි පැවසුවේ.

නමුත්, The Sun සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා ඇත්තේ අමුත්තන් 6 දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම තරඟකාරිනියන් දෙදෙනෙකු වෙන් කර තිබූ බවයි.
සංදර්ශනයට මූල්‍යමය දායකත්වයක් ලබා දීම සඳහා ප්‍රශංසා කරමින් ඔවුන්ට විනෝදය සැපයෙන ලෙස සංවිධායකයින් බලකර ඇති බව ඇය වැඩිදුරටත් එහිදී කියාසිටියා.
එංගලන්ත රූ රැජින The Sun වෙත කඳුලු සලමින් මෙසේ ප්‍රකාශකළා. “They made me feel like a prostitute.”