Search

දියවැඩියා රෝගීන්ගේ ඖෂධ ගැන අනාවරනයක්

දියවැඩියාව සදහා භාවිත වන මෙට්ෆෝමින් (Metformin)  සහ වෙනත් ඖෂධ වර්ග පිළිබඳ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. 

මෙම අධ්‍යයනය සඳහා දියවැඩියාව ඇති පුද්ගලයින් 5,000ක් වසර 4ක කාලයක් පුරා අධීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙට්ෆෝමින් දැනටමත් භාවිතා කරන පිරිසට, sitagliptin, liraglutide, glimepiride හෝ insulin glargine වැනි දියවැඩියාව සඳහා භාවිත කෙරෙන ඖෂධ වර්ග කිහිපයකින් එකක් අමතරව ලබාදීමෙන් එම පරීක්ෂාව සිදු කර තිබෙනවා.

පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ, මෙට්ෆෝමින් සමඟ liraglutide හෝ insulin glargine වැනි ඖෂධයක් ලබාගැනීමෙන් සීනි මට්ටම වඩා හොඳින් පාලනය කළ හැකි බවයි.

මේ අතර ඖෂධ ලබානොගන්නා 75%ක් පමණ දියවැඩියා රෝගීන්ගේ රුධිර මට්ටම ස්ථාවරව තබා ගැනීමට නොහැකි බව මෙම පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »