Search

ඩිමෙන්ශියා ගැන විශේෂ අනාවරනයක්

අවුරුදු 50ට අඩු පුද්ගලයින් අතර ඩිමෙන්ශියා රෝගය ව්‍යාප්ත වෙමින් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

ඩිමෙන්ශියා රෝගය පසුගිය වසර 10 ක් තුල 69%කින් ඉහළ ගොස් ඇති අතර 70,000 කට අධික පිරිසක් රෝගය නිසා පීඩා විදින බව අනාවරණය වී තිබෙනවා.

ප්‍රකට ඩිමෙන්ශියා රෝග විශේෂඥා June Andrews පවසන්නේ වැඩ කරන වයස්ගත නොවූ අය අතර මෙම රෝගය වෙනස් ආකාරයකින් පවතින බවයි.

එම රෝග ලක්ෂණ ලෙස ගණන් කිරීමට අමාරු වීම, Brain Fog හෙවත් සිතිවිලි සදහා අවධානය යොමු කිරීමට අපහසුකම හදුනාගෙන තිබෙනවා.

යම් කාර්යන් කිරීමට අධික වේලාවක් ගැනීම හා දෛනික කටයුතු වලදී ඉදිරි පියවර අමතක වීම ද රෝග ලක්ෂණ ලෙසයි හදුනාගෙන තිබෙන්නේ.

රෝගය සියලුම පුද්ගලයින්ට එකම ආකාරයෙන් පෙන්නුම් නොකරන අතර රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ වේගය, අවට සිටින පුද්ගලයින් මෙය දකින ආකාරය මත පදනම් වනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »