
කාන්තා ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්වය සොයා බැලීම සඳහා ලොව ප්‍රථම ව්‍යාපෘතියට ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් නායකත්වය ලබා දී තිබෙනවා.
පර්යේශණ කණ්ඩායම් සදහන් කරන්නෙ හෘදයාබාධ රෝග ලක්ෂණ හෝ endometriosis රෝග විනිශ්චය කිරීමට ගතවන ඇස්තමේන්තුගත වසර හත කාන්තාවන්ට දීර්ඝ කාලයක් බවයි .
එහිදී බොහෝ රෝගී තත්වයන්ට ඔවුන්ට අවශ්‍ය අවධානය ලැබී නොමැති බව පර්යේශකයින් පෙන්වා දෙනවා.

මේ අතර, බොහෝ පර්යේෂණ සිදු කර ඇත්තේ පිරිමි ශරීර පිළිබඳව වන අතර, පසුව එය කාන්තා ශරීර වලටද සාමාන්‍යකරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු පර්යේෂකයින්, Edith Cowan විශ්ව විද්‍යාලය සහ University of Technology Sydney සමඟ එක්ව ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය (AIS) විසින් කරන ලද නව පර්යේෂණ ව්‍යාපෘතියක් හරහා මෙයට විසදුම් සොයමින් සිටිනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් තත්ත්වයේ පර්යේෂණ මත පදනම් ව නීරෝගී සෞඛ්‍යකින් ක්‍රීඩාව කෙරෙහි යොමු කරවීම මෙම වැඩසටහනේ අරමුණ බවද ඔවුන් පෙන්වා දෙනවා.