Search

බදු එක්ක ඇපල් මිලත් ඉහළට ?

ඇපල් සමාගමේ නිෂ්පාදන සඳහා සියයට 25 ක බද්දක් පනවන බවට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවනවා.

ට්‍රම්ප්ගේ චීනයට තීරුබදු පැනවීමට ප්‍රතිචාර වශයෙන්, ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පැවසුවේ වත්මන් මූල්‍ය කාර්තුව තුළ අමරිකාවේ පවතින බොහෝ iPhone ඉන්දියාවෙන් පැමිණෙන බවයි.

iPad සහ අනෙකුත් උපාංග වියට්නාමයෙන් ආනයනය කරන බවද ඔහු කියාසිටියා. 

ට්‍රම්ප් තීරුබදු ක්‍රියාත්මක කිරීමෙන් පසු, බැංකු විශ්ලේෂකයින් ඇස්තමේන්තු කළේ ඩොලර් 1200 ක iPhone එකක් ඇමරිකාවේ නිෂ්පාදිත නම්, ඩොලර් 1500 සිට ඩොලර් 3500 දක්වා මිල ඉහළ යනු ඇති බවයි.

ට්‍රම්ප් මීට පෙර කියාසිටියේ ඇමරිකාවේ පමණක් ඇපල් නිෂ්පාදනය කරන්නේ නම් 25% තීරුබද්ද අහෝසි කරන බවයි.

ට්‍රම්ගෙන් එල්ලවන පීඩාකාරී බදු ප්‍රතිපත්ති හේතුවෙන් ඇපල් සමාගම මේ වනවිට ඇමේසන්, වෝල්මාර්ට් සහ අනෙකුත් ප්‍රධාන එක්සත් ජනපද සමාගම් සමඟ එක්වීමට උත්සහ කරනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »