
ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මිය යාමේ අවදානමක් සහිත දිලීරයක් සම්බන්ධයෙන් පර්යේෂකයන් අනතුරු අඟවා තිබෙනවා.
මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සදහන් කරන්නේ Aspergillus නම් මෙම දිලීරය ජීවිතයට තර්ජනයක් වන පෙනහළු රෝගයක් ඇති කළ හැකි බවයි.
මෙම දිලීරය ඉක්මනින් උතුරු ඇමරිකාව, යුරෝපය, චීනය සහ රුසියාව පුරා පැතිර යා හැකි බවටද ඔවුන් අනතුරු අගවා තිබෙනවා.

මෙහි බලපෑම ඔස්ට්‍රේලියාවටද එල්ල වීමේ අවදානමක් පවතින බවද එම වාර්තාවන්ගේ සදහන්.
විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ මෙම රෝගය ඇතිවිය හැකි ආකාර තුනක් සම්බන්දයෙන් අධ්‍යයනය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට දිලීර වලින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ගත් කල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශ අවට රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි පර්යේෂණයේ ප්‍රධානී Dr van Rhijn සදහන් කරන්නේ.