Search

බොලිවුඩ් සුරූපි නිළි ජැක්ලින් ලංකාවේ දැවැන්ත ව්‍යාපාරයක් සමග එක්වෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තරුවක් වන ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස් සමග නිළ හවුල්කාරිත්වයකට එක්වීමට ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Home Lands සමූහය එක්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ අංක එකේ වඩාත්ම විශ්වාසයදායක දේපළ වෙළඳාම් සන්නාමය වන Home Lands සමූහයට මෙම සහයෝගීතාවය හරහා ජාත්‍යන්තරයට පිවිසීමේ හැකියාව උදාවුණා.

ජැක්ලින් සිය දක්ෂතාවයෙන් මෙන්ම සුරූපී බවින් ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගෙන සිටින අතර මෙම සහයෝගීතාවය නිවේදනය වීමත් සමග ගෝලීයව පුළුල් කථාබහකට ලක්ව තිබෙනවා.

විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමය වන Home Lands සමූහය සහ ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත් ජාත්‍යන්තරයේ බැබළෙන තාරකාව සමග ඇතිකර ගත් මෙම සහයෝගීතාවයෙන් ශ්‍රී ලාංකීය සුපිරි මහල් නිවාස ව්‍යාපෘතියට නැවුම් මෙන්ම චමත්කාරජනක යුගයක් උදාවනු ඇති බවයි සමාගමේ විශ්වාසය වන්නේ.

Home Lands සමූහ ව්‍යාපාරයේ සභාපති නලින් හේරත් පවසන්නේ බොලිවුඩය නියෝජනය කරන ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් වන  ජැක්ලින්, Home Lands පවුලට එක්වීම ඉමහත් ගෞරවයක් බවයි.

“මම ලෝකයේ කොහේ ගියත් මගේ නිවහන ශ්‍රී ලංකාව. ලංකාවෙ දේවල් කොච්චර ඉක්මනට ඉස්සරහට යනවද කියලා පුදුමත් හිතෙනවා. මෙහෙ දියුණුව, සංචාරක වර්ධනය වගේ දේවල් ඇත්තටම ගොඩක් සතුටුදායකයි. මම අත්වැල් බැඳ ගන්නේ මේ රට අලුත්ම ආකර්ෂණීය විදියට ලෝකයට විවෘත කරන ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සහකරුවා එක්ක. ලොකු දේවල් ඉස්සරහට එනවා , බලාපොරොත්තුවෙන් අවධානයෙන් ඉන්න” ජැකලින් ෆර්නැන්ඩස් එහිදී ප්‍රකාශ කළා.

ජැක්ලින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සන්නාමය පුළුල් කිරීම වෙනුවෙන් නියෝජනය කරන අතර නව පරම්පරාවේ නිවාස සිහිනය සැබෑකරවීමට ගුණාත්මකභාවයෙන් යුත් නවතම සුඛෝපභෝගී මහල් නිවාස නිර්මාණයන් ප්‍රවර්ධනය වෙනුවෙන් ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස් සමග එක්ව කටයුතු කිරීම Home Lands හි අරමුණයි.

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »