Search

ශ්‍රී ලාංකික වැඩිහිටියන් වෙනුවෙන් සරණක් වීමට ඔබටත් අවස්ථාවක්

මෙත් මංසල, සරණක් අවැසි වැඩිහිටියන් වෙනුවෙන් සිදුකෙරෙන සේවයට දායක වීමට දැන් ඔබටත් අවස්ථාව හිමිවනවා.

ඔස්ට්‍රේලියාව තුළ ලියාපදිංචි ආයතනයක් වන මනුසත් පදනම විසිනුයි මෙත් මංසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ.

2023 වසරේ සිට පවත්වාගෙන යනු ලබන වැඩිහිටියන් රැකබලා ගන්නා මෙත් මංසල වෙත ඔබගේ වටිනා පරිත්‍යාග ලබාදීමට දැන් දායක විය හැකියි.

ඒ් අනුව වැඩිහියන්ගේ ආහාර, වෛද්‍ය පහසුකම්, සේවක වැටුප්, ජල හා විදුලිය සදහා දායකත්වය ලබාදීමට හැකියාව පවතින බවයි එහි කළමණාකාරිත්වය කියාසිටියේ.

ඔබගේ පවුලේ උපන්දින සැමරීම්, දෙමව්පියන්ගේ අනුස්මරණ ඇතුළු ජීවිතයේ සෑම වටිනා අවස්ථාවක්ම මෙත් මංසලේ වැඩිහිටියන් සමඟ එක්වී සැමරීමට ඔබට දැන් අවස්ථාව උදාවනවා.

මෙම සියලු වියදම් සඳහා දවසක දායකත්වය ඩොලර් 125 පමණයි.

වියළි ආහාර පරිත්‍යාග කිරීමෙන්ද මේ සදහා ඔබට දායක විය හැකියි.

කොස්ගම ප්‍රදේශයේ පර්චස් 100 ක භූමි ප්‍රමාණයක ඉදි කර ඇති මෙත් මංසල ආයතනය, වාණිජමය අවශ්‍යතා වෙනුවෙන් නොව සරණක් අවැසි ශ්‍රී ලාංකිකයින් වෙසෙන අපේම ජනතාවට උපකාර කිරීමේ අරමුණින් පිහිටුවා තිබෙනවා.

වැඩිවිස්තර සදහා අමතන්න…

අමිල වීරසිංහ 0430 090 385
ලලිත් ලීලාරත්න 0401 586 573
දිනේෂ් පෙරේරා 0478 804 952
ෆියාස් මිස්කින් 0488 666 280
නුවන් සමරපති 0450 265 167
තිලින වනසිංහ 0403 995 593

මෙත් මංසල – ‪+94 36 225 0621‬ /
‪+94 77 721 0115‬

Email – [email protected]

Website – www.methmansala.org

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »