
New South Wales හි Mid North Coast ප්‍රදේශයේ ගංවතුර අර්බුදයට අදාළව රක්ෂණ හිමිකම් දහස් ගණනක් ලැබෙමින් පවතින බව වාර්තා වනවා.
ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලය පවසන්නේ මැද උතුරු වෙරළ [Mid North Coast] හන්ටර් [Hunter] සහ Greater Sydney කලාපවලින් හිමිකම් 3644 ක් ගොනු කර ඇති බවයි.
ඉන් සියයට 80 ක් පමණ පුද්ගලික දේපළ හිමිකම් වන අතර ඉතිරිය වාණිජ හෝ මෝටර් රථ හිමිකම් වනවා.

Mid Coast LGA හි හිමිකම් 888 ක්, Central Coast හි 546 ක් සහ Lake Macquarie හි 467 ක් ද වනවා.
ගංවතුරෙන් පීඩාවට පත් රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රතිසාධන ක්‍රියාවලිය ආරම්භ කරන විට තක්සේරුකරුවෙකු එනතෙක් බලා නොසිට තම දේපළ පිරිසිදු කිරීම ආරම්භ කළහැකි බවයි ICA දැනුම් දී ඇත්තේ.

ඡායාරූප, වීඩියෝ සහ සටහන් සමඟ ඔවුන්ගේ නිවාසවලට සිදු වූ හානිය ලේඛනගත කිරීමට ද ජනතාවට උපදෙස් දී තිබෙනවා.