Search

Chocolate වලින් ශරීරයට අහිතකර විශ ද්‍රව්‍යක් හදුනාගනී

ඇතැම් chocolate වර්ගවල වල cadmium නැමැති විෂ ද්‍රව්‍යයක් අඩංගු වන බවට විද්‍යාඥයන් විසින් අනතුරු අගවා තිබෙනවා.

cadmium වල භයානකම ලක්ෂණයක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය ශරීරයෙන් ඉවත් වීමට අවුරුදු 10-30 ත් අතර කාලයක් ගතවීම සහ එමගින් පරම්පරා දෙකකට අහිතකර බලපෑම් එල්ල වීමයි.

cadmium chocolate වල පමණක් නොව tortilla වල සහ අහාරයට ගනු ලබන ඇතැම් මුහුදු බෙල්ලන්ගේද යම් ප්‍රමානයක් අඩංගු වන බවද ඔවුන් පවසා සිටියා.

මියාමි විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥවරියක වන ආචාර්ය ඩෙලියා ෂෙල්ටන් පවසා සිටියේ කාලයක් පුරා මෙය ශරීරගත වීම හෘද රෝග වැනි දැඩි සෞඛ්‍ය ගැටලු වලටද හේතු වන බවයි.

සැඟවුණු පාරිසරික විෂ ද්‍රව්‍ය මගින් ශරීරයට සිදුවන හානි වළක්වා ගැනීම සදහා ආහාර තෝරා ගැනීමේදී වඩාත් සැලකිළිමත් වන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »