
ඉතිහාසයේ විශාලතම මුදල් ආයෝජනයක් ලෙස ඩොලර් මිලියන 88 ක මුදලක් මෝරුන් පාලනය සදහා රජය වෙන් කර තිබෙනවා.
මෙම Shark Control Management Plan යෝජනාවේ ප්‍රධාන අරමුණ වෙරළට පැමිණෙන පුද්ගලයන් මෝරුන්ගෙන් ආරක්ෂා කිරීමයි.
මෝරුන් පාලනයට යොදාගත් පැරණි තාක්ෂනික ක්‍රම වලට අමතරව ඩ්‍රෝන තාක්ෂණයද යොදාගන්නා බවයි පැවසෙන්නේ.

නව ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක වන වෙරළවල් 6 ක් නම් කර ඇති අතර මේ සදහා විශේෂඥයන්ගේද උපකාර ලබාගන්නා බව රජය කියා සිටියා.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය Tony Perrett කියා සිටියේ මෙම වැඩසටහන මගින් වෙරළේ ආරක්ෂිත බව සහතික කිරීම නිසා බිලියන 33ක සංචාරක කර්මාන්තයද ආරක්ෂා කළ හැකි බවයි.

කෙසේ වෙතත්, පරිසර සංරක්ෂණ සංවිධානයක් වන Sea Shepherd Australia මෙයට දැඩි විරෝධය පළ කරමින් පවසන්නේ මෙමගින් මුහුදු සත්ත්වයන්ට තර්ජනයක් ඇති කරන අතර, මිනිසුන්ටත් වැඩි අවදානමක් ඇතිවිය හැකි බවයි.