
මෙල්බන් නැගෙනහිර ප්‍රදේශයේ Aged Care Home හිදී අතුරුදහන් වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු සෙවීම ඛේදවාචකයකින් අවසන් වී තිබෙනවා.
72 හැවිරිදි මෙම පුද්ගලයා සිකුරාදා උදෑසන ඔහුගේ Ringwood Aged Care Home හිදී අතුරුදහන් වී ඇති බවයි වාර්තා වුණේ.
අතුරුදහන් වූ පුද්ගලයා අවසන් වරට දුටු ස්ථානයේ සිට කිලෝමීටරයකටත් අඩු දුරකින් පිහිටි Mullum Creek Trail අසල ඊයේ මියගොස් සිටි බව පොලිසිය තහවුරු කළා.

මෙම පුද්ගලයා ඩිමෙන්ශියාවෙන් පෙළෙන රෝගියෙකු බවයි කාර්ය මණ්ඩලය පවසන්නේ.
වාර්තාවලින් පෙනී යන්නේ ඔහු දිනපතා ඇවිදිම පුරුද්දක් ලෙස සිදුකරන අතර මෙවර ආපසු නොපැමිණීමෙන් අතුරුදහන් වී ඇති බව කාර්ය මණ්ඩලය දැනගෙන ඇත්තේ පැය 12 ක් ගත වූ පසුවයි.

පොලිසිය පැවසුවේ මරණය සැක සහිත ලෙස සලකනු නොලබන බවයි.