Search

ඊශ්‍රා‍යෙල් ප්‍රහාරවලින් වෛද්‍යවරියකගේ දරුවන් 9 ක් ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් 79 දෙනෙකු මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ඊශ්‍රායලයේ හමුදා ප්‍රහාරයෙන් මියගිය අය අතර වෛද්‍යවරයෙකුගේ දරුවන් 10 දෙනාගෙන් නව දෙනෙකු සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියාසිටියේ.

නසාර් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන අලා නජ්ජාර් ඒ වන විට රාජකාරියේ යෙදී සිටි අතර ඇගේ නිවස ගිනිගෙන ඇතැයි දැනගැනීමෙන් පසු ඇය නිවසට ගොස් තිබෙනවා.

දකුණු ඛාන් යුනිස් නගරයේ සිදු වූ ප්‍රහාරයෙන් පසු නජ්ජාර්ගේ සැමියා බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ දිවි ගලවා ගත් එකම දරුවා වන 11 හැවිරිදි පුත්‍රයා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවන් මාස හතේ සිට අවුරුදු 12 දක්වා වයස්වල පසුවන්නන් බව ෆාරා පැවසුවා.

ඊශ්‍රායල ගුවන් හමුදාව පසුගිය දින තුළ ගාසා තීරය පුරා ඉලක්ක 100 කට වඩා ප්‍රහාර එල්ල කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු නව මරණ සංඛ්‍යාව 53,901 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »