
වසරේ දරුණුතම සුළං සහ වැසි පිළිබද ඔස්ට්‍රේලියාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට අනතුරු අගවා තිබෙනවා.
දැඩි සුළං තත්ත්ව දෙකක් ඉදිරි දිනවලදී හමායාමට නියමිත බවයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ.
ටස්මේනියාව හරහා දකුණු ඔස්ට්‍රේලියාව සහ බටහිර වික්ටෝරියාව වෙත ගමන් කරනු ලබන සුළං හේතුවෙන් වැසි, අකුණු සහ කුණාටු පිළිබද අනතුරු අගවා තිබෙනවා.

වික්ටෝරියාවේ උස් ප්‍රදේශවලට එමගින් බලපෑම් එල්ලවිය හැකියි.
අද රාත්‍රියේ Adelaide දක්වා ළඟාවෙන තවත් සුළං තත්ත්වයක් පිළිබදව ද වාර්තා වනවා.

එහිදී 80–100km/hr අතර සුළං වේගයක් පැවතිය හැකි බවටයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ.
ඇඩිලේඩ්, දකුණු-නැගෙනහිර ඔස්ට්‍රේලියාව, වික්ටෝරියාව සහ New South Wales හි බොහෝ ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපානු ලබනවා.
ගස් කඩාවැටීම් පිළිබද අවධානයෙන් පසුවන ලෙසටයි ජනතාවට අනතුරු අගවා ඇත්තේ.
විකටෝරියාවේ දකුණු බටහිර වෙරළ සහ නැගෙනහිර වෙරළ රළු විය හැකි අතර සතිය මැද සිට කාලගුණය යථා තත්ත්වයට පත් වනු ඇති බවටයි පැවසෙන්නේ.