
නිවාස අර්බුදය හේතුවෙන් ඉහළ යන ඉල්ලුමට සරිලන තවත් නිවාස ඉදිකිරීම සඳහා ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්තය දැන් දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා.
ඉදිකිරීම් කර්මාන්ත කරුවන් පවසන්නේ කම්කරුවෙකුට පැයකට ඩොලර් 32 කට වඩා වැටුපක් ගෙවීමෙන් තමන්ට කිසිදු යහපතක් නොවන බවයි.
වඩු කාර්මිකයෙකු මාධ්‍යයට පවසා ඇත්තේ තම රැකියාවෙන් බොහෝ මුදල් උපයා ගැනීමට හැකි අතර ආධුනිකයින්ට එමගින් අත්වැළක් සපයන බවයි.

ආධුනිකයින් සහ කම්කරුවන් අතර වැටුප් විෂමතාවයක් පවතින අතර ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්තයට මෙය තවත් ගැටළුවක් වී තිබෙනවා.
වෘත්තීය අධ්‍යාපන හා පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලින් පෙනී ගියේ පසුගිය වසරේ පුහුණුව ලැබූ වෘත්තීන් සංඛ්‍යාවේ පහත වැටීමක් සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම දක්නට ලැබුණු බවයි.

ක්වීන්ස්ලන්ඩ් ඉදිකිරීම්කරු ස්කොට් චැලන් පවසන්නේ පවතින ආර්ථික අර්බුදය මත අඩු වැටුප් ලබන මෙම ආධුනිකයින්ගේ කුලිය සෑහීමකට පත්නොවන බවයි.
2025 අයවැයෙන් ආධුනිකයින්ට පුහුණුව අවසන් කර සුදුසුකම් ලබන බව සහතික කිරීම සඳහා එම කාලය පුරාම ඩොලර් 10,000 ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මෙම මුදල් මාස හයක්, 12 ක්, 24 ක් සහ මාස 36 ක කාල පරතරයකින් ඩොලර් 2,000 ක කොටස් වශයෙන් ලබා දෙනු ඇති.
2027 සිට ගාස්තු රහිත TAFE ස්ථාන 100,000ක් හඳුන්වා දීමට ද ලේබර් පක්ෂය ඉලක්ක කර තිබෙනවා.
කාර්මිකයන්, විදුලි කාර්මිකයන් සහ වඩු කාර්මිකයන් වැනි ක්ෂේත්‍රවල ජාතික කුසලතා හිඟය පියවීම සඳහා මෙය නිවැරදි දිශාවට පියවරක් බවයි ගොඩනැගිලි ඉදිකිරීම් සාමාන්‍යාධිකාරී Phil Cooksey කියාසිටියේ.
කෙසේවෙතත් අද තරුණයින් මුහුණ දෙන මූල්‍ය පීඩනයන් සැලකිල්ලට ගෙන මෙය ප්‍රමාණවත් නොවන බවද ඔහු සඳහන් කළා.