
ඕස්ට්‍රේලියාවේ නිර්මාණශීලීත්වයේ සහ නවෝත්පාදනයේ විශාලතම සැමරුම වන Vivid Sydney 2025 අද රාත්‍රියේත් ක්‍රියාත්මක වනවා.
මෙම විචිත්‍රවත් සංස්කෘතික ප්‍රදර්ශනය අත්විඳීමට ලොව පුරා සිටින ජනතාව ඊට එක්වනු ඇති.
පසුගිය සිකුරාදා ආරම්භ වූ Vivid Sydney 2025 සංදර්ශනය ලබන ජූනි 14 දක්වා ක්‍රියාත්මක වනවා.

15 වන සංවත්සරය සමරමින් ලොව ප්‍රමුඛ බහු-කලා උත්සවය වන Vivid Sydney හි මෙවර තේමාව වන්නේ ‘Vivid Sydney, Dream’. යි
Vivid Light Walk නැරඹීම නොමිලේ අත්විඳිය හැකි බැවින් සිඩ්නි හි ජනතාවට ඊට පහසුවෙන් ප්‍රවේශවිය හැකි වනවා.

2025 වැඩසටහන නිල වශයෙන් පෙරේදා රාත්‍රියේ The Rocks හි Campbells Cove හි First Light සමඟින් ආරම්භ වූ අතර පසුව Lights On සහ First Light Live – First Nations සංගීතයෙන් හැඩවුණු නිදහස්, එළිමහන් ප්‍රසංගයක් ද පවත්වා තිබෙනවා.
විවිඩ් මගින් සිඩ්නි හි රාත්‍රී කාලයේ ආර්ථිකයට දැවැන්ත ආදායමක් උපයා ගත හැකි අතර මිලියන 2.5 ක අමුත්තන්ගෙන් බොහෝ දෙනෙකු නගරයේ අවන්හල්, බාර් වෙත ඇදී යනවා.