Search

Jewellery Shop එකේ සොරුන් ඇල්ලූ වික්ටෝරියාවේ නිර්භීත වීරයා

වික්ටෝරියා ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑ පුද්ගලයෙකු යටත්කර ගැනීමට නිර්භීත පුද්ගලයෙකු සමත්ව තිබනවා.

කොල්ලකරු වෙළඳසැලේ කාර්ය මණ්ඩලය සහ සාප්පු හිමියන් ඉදිරිපිට මහ දවල් මංකොල්ලකෑමට උත්සහ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙළඳසැල තුළ වෙඩි තැබීම් සහ උදව් ඉල්ලා කෑගැසීම් ශබ්දයක් ඇසීමෙන් 31 හැවිරිදි ඇන්තනි හැබි වහා ක්‍රියාත්මක වී තිබෙනවා.

වෙඩි තැබීම් සහ උදව් ඉල්ලා කෑගැසීම් වැනි ශබ්දයක් ඇසීමෙන් පසු, 31 හැවිරිදි ඇන්තනි හැබි ක්‍රියාත්මක වී කොල්ලකරුව අල්ලා ගැනීමට සමත්වුණා.

ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ තමන් වීරයෙක් නොවන බවත් එම අවස්ථාවේ කළ යුතු කළ බවයි.

ඔහුගේ සහකරුද බියට පත් කාර්ය මණ්ඩලයට උදව් කළ බවයි වාර්තා වන්නේ.

චූදිතයා ‍අද බෙන්ඩිගෝ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන අගෝස්තු දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරයා තීන්දුකර ඇත්තේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »