Search

මෙල්බන් හි වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් 3 දෙනෙක් රෝහලේ

දකුණු මෙල්බන් හි සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් පිරිමින් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ පාර්ක් වීදිය ප්‍රදේශයේදී  පොලිස් නිලධාරියෙකු සිය තුවක්කුවෙන් හතර වතාවක් සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි කාන්තා රියදුරෙකු එම ස්ථානයේදීම මිය ගිය බවයි.

පොලිස් නිලධාරියා දෙසට මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බව පොලීසිය කියාසිටියා.

එහිදී මෝටර් රථය තුළ සිටි 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ගේ කකුලට වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇති බව සඳහන්.

පොලීසියට අවශ්‍යව සිටි පිහියක් අතැති පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල්කර තිබෙනවා.

පිරිමි දෙදෙනාටම ජීවිත තර්ජනාත්මක නොවන තුවාල සිදු වී ඇති අතර වාහනයක ගැටුණු ජ්‍යෙෂ්ඨ කොස්තාපල්වරයාද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු මෙට්‍රෝ කලාපයේ වැඩබලන සහකාර කොමසාරිස් Therese Fitzgerald අද වාර්තාකරුවන්ට පැවසුවේ නිලධාරියාගේ කකුල් වලට තුවාල සිදුවී ඇති බව හා සිද්ධියේදී ඔහු මෝටර් රථය සහ බිත්තියක් අතර සිරවී ඇති බවයි.

අද සවස 5 ට පමණ සෙසිල් වීදියේ පිරිමි පුද්ගලයෙකු පිහියක් අතැතිව සිටින බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

නිලධාරීන් දෙදෙනෙකු එම පුද්ගලයා අත්අඩංගුවට ගනිමින් සිටියදී, සොරකම් කරන ලද දකුණු ඕස්ට්‍රේලියානු අංක තහඩු සහිත ෆෝඩ් ප්‍රදේශයේ පුද්ගලයෙකු ජ්‍යෙෂ්ඨ කොස්තාපල්වරයා දෙසට ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නිලධාරියා විසින් ඔහුට වෙඩි තබා ඇති බව මාධ්‍ය හමුවේදී වැඩබලන සහකාර කොමසාරිස්වරයා සඳහන්කළා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »