Search

ජනප්‍රිය තරු කරන අමුතු ක්‍රියාවක් ගැන අනතුරු ඇඟවීමක්

නින්දෙන් ගෙරවීම නැවැත්වීම සඳහා “Mouth taping” කිරීමේ අමුතු ප්‍රවනතාවයක් සමාජ මාධ්‍යයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පර්යේෂකයින් අනතුරු අඟවන්නේ එය බරපතල සෞඛ්‍ය හානියක් බවයි.

Gwyneth Paltrow, Emma Roberts, Ashley Graham, සහ Jimmy Fallon වැනි කීර්තිමත් පුද්ගලයින් ටේප් කැබැල්ලකින් තොල් වසාගෙන නිදාගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබෙනවා.

එහෙත් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මුඛයෙන් හුස්ම ගැනීම එමගින් වැළැක්වෙන අතර ආශ්වාස කිරීම් සම්බන්ධ රෝගාබාධවලට ගොදුරුවිය හැකි බවයි.

Western විශ්ව විද්‍යාලයේ ආචාර්ය Brian Rotenberg සහ පර්යේෂණ සගයන් ගණනාවක් නිදා සිටියදී මුඛය මුද්‍රා තැබීමේ බලපෑම් පිළිබඳව සිදුකළ අධ්‍යයන 10 ක ප්‍රතිඵල ඇගයීමට ලක් කළා.

ගෙරවීම වැනි නින්දෙන් හුස්ම ගැනීමේ අක්‍රමිකතා සඳහා mouth taping භාවිත කිරීමෙන් කිසිදු උපකාරයක් නොලැබෙන බවයි අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ.

නාසික ශ්වසන මාර්ග බරපතල ලෙස සීමා කිරීම හෝ අවහිර වීම හේතුවෙන් කටින් හුස්ම ගැනීම සිදුකරන පුද්ගලයින්ට හුස්ම හිරවීමේ බරපතල අවදානමක් පිළිබඳ එම අධ්‍යයන 10 න් 4ක් හෙළිකර තිබෙනවා.

Mouth taping කිරීම බොහෝ විට කීර්තිමත් පුද්ගලයින් විසින් අනුමත කරන ලද නමුත් එය විද්‍යාත්මකව නිවැරදි නොවන බවයි පර්යේෂකයින් පවසන්නේ.

Mouth taping ඇතමුන්ට සුදුසු නොවන අතර, එය බරපතල සෞඛ්‍ය අවදානමක් බවයි පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »