
වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලතම රන් පතල වන ෆොස්ටර්විල් [Fosterville] රන් පතල පුළුල් කිරීමේ සැලසුම්වලට අනුමැතිය හිමිවී තිබෙනවා.
ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් ප්‍රකාශයට වික්ටෝරියා ප්‍රාන්තයේ සැලසුම් අමාත්‍යවරයා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙමගින් ඉදිරි දශකය තුළ රැකියා 1,000 ක් පමණ උත්පාදනය කෙරෙන අතර දේශීය ආර්ථිකයට $ බිලියන 1.3 ක් එක් කිරීමට නියමිතයි.

පතලේ භූගත මෙහෙයුම් පුළුල් කිරීමට අවම වශයෙන් තවත් වසර 10 ක් කැණීම පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා.
එහෙත් පතල් මෙහෙයුම් තම නිවාසවලට හානිදායක බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙහෙයුම් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී රික්ටර් මාපකයේ 3.6 ක භූමිකම්පාවක් සිදු වූ අතර, ඉන් පදිංචිකරුවන්ගේ ගොඩනැගිලි 12 කට හානි සිදුවුනා