
සුරතල් බල්ලන් නිසා ඕස්ට්‍රේලියානු කවුන්සිලය සමඟ වසර පහක් පුරා නීතිමය සටනක යෙදී සිටින පුද්ගලයෙකු පිළිබද තොරතුරු හෙළිව තිබෙනවා.
ග්ලෙන් ටොං [Glenn Tong] නැමති මෙම පුද්ගලයා ඒ් සදහා මේ වනවිට $ 100,000 කට වඩා වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙල්බර්න්හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයක මහල් නිවාසයක සුරතල් බල්ලන් දෙදෙනෙකු සමග මෙම පුද්ගලයා ජීවත් වනවා.

බල්ලන් දෙදෙනා දිවා රෑ බුරන බවට අසල්වැසියන්ගෙන් ලැබුණු චෝදනා මත තමාට බෝරොන්දාරා [Boroondara] කවුන්සිලයෙන් ලිපි ලැබීමට පටන් ගත් බවයි ඔහු පවසන්නේ.
2024 පෙබරවාරි මාසයේදී මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි ඔහුට $ 2,310 ක දඩයකට යටත්වීමට සිදුවුනා.

ඔහුට එරෙහිව ලබන නොවැම්බර් මාසයේදී වික්ටෝරියා ප්‍රාන්ත උසාවියේ නැවත විභාගයක් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා තවත් $ 55,000 ත් 60,000 දක්වා වැය වනු ඇති බවයි පැවසෙන්නේ.