
මෙල්බර්න් හි ජීවත් වන ඇමරිකානු විදේශිකයෙකු ඕස්ට්‍රේලියානු නිවාසවල ඇති ප්‍රධාන දෝෂයක් හෙළි කර තිබෙනවා.
ජෝන් පැබන් [John Pabon] නම් ඔහු පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වා ඇති අවම ගෘහස්ථ උෂ්ණත්ව ප්‍රමිතීන් සපුරාලීමට ඔස්ට්‍රේලියානු නිවාස අපොහොසත් වී ඇති බවයි.
නිවාසවල නිසි තාප ආවරණයක් සහ කාර්යක්ෂම උණුසුම් පද්ධති නොමැතිවීම නිසා ශීත සමයේදි දැඩි සීතලක් පවතින බවයි විදේශිකයා පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවසක් තුළ නිර්දේශිත අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ක් බව දක්වා තිබෙනවා.
එහෙත් ඕස්ට්‍රේලියානු නිවාසවලින් සියයට 80 කට වඩා මෙම අගය අඩු මට්ටමකයි පවතින්නේ.

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ශීත උෂ්ණත්වය අංශක 16.5 ක් වන අතර, සීතල අධික ප්‍රාන්තවල ඇතැම් නිවාසවල සාමාන්‍යය 10.9 ක් පමණ වන බවයි ඕස්ට්‍රේලියානු නිවාස පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කරන ලද අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.